තාරකා විද්‍යාඥයින් විසින් නෙප්චූන් ග්‍රහයා වටා පරිභ්‍රමණය වන කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකු සහ යුරේනස් වටා ගමන් කරන කුඩා චන්ද්‍රයින් එකක් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට නෙප්චූන් ග්‍රහයාගේ චන්ද්‍රයන් 16 දෙනෙක් සහ යුරේනස් ග්‍රහයාගේ චන්ද්‍රයන් 28ක් සොයා ගෙන තිබෙනවා.
යුරේනස් වටා ගමන් කරන චන්ද්‍රයා දැනට සොයා ගෙන ඇති කුඩාම චන්ද්‍රයා ලෙස සැලකිය හැකි වන අතර එහි පළල කිලෝමීටර් 8ක් වනවා. එය යුරේනස් වටා එක් කක්ෂයක් සම්පූර්ණ කිරීමට දින 680 ක් ගත කරනු ලබනවා.
දැනට S/2023 U1 ලෙස නම් කර ඇති මෙයට ෂේක්ස්පියර් විසින් රචිත කෘතියක චරිතයක් දීමට අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වෙන්නේ.
නෙප්චූන්ගේ නව චන්ද්‍රයින් දෙදෙනාගෙන් වැඩි දිපතියකින් යුතු චන්ද්‍රයා දැනට “S/2002 N5” ලෙස සහ අනෙක් චන්ද්‍රයා S/2021 N1 ලෙස නම් කර තිබෙනවා.
එම චන්ද්‍රයන් දෙදෙනා පිලිවෙලින් කිලෝමීටර් 23ක් සහ කිලෝමීටර් 14 පළලින් යුතු වනවා.
මොවුන් දෙදෙනාව ග්‍රීක මිථ්‍යා කථා වල මුහුදු දෙවිවරුන් සහ nymphs ගේ නම් වලින් ඉදිරියේ දී නම් කිරිමට නියමිතව තිබෙනවා.
Carnegie Science හි මාණ්ඩලික විද්‍යාඥ Scott Sheppard විසින් Hawaii සහ Chile හි නිරීක්ෂණාගාරක දී මෙම නව චන්ද්‍රයන් සොයා ගෙන තිබෙනවා.


