හෙට දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුමක්

අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට දිනයේ දී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලද උෂ්ණත්වයද එම මට්ටමේ පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

වැඩබිම්වල සිටියදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

එසේම කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇදුම් භාවිත කරන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා.

අධික උණුසුම හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ද ඇති විය හැකි හැකි බැවින් පරික්ෂාකාරී ලෙස කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.