විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නෙයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගියදා මෙරට පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය.

“මා අතින් සිදුවූ යම් ප්‍රකශයක් නිසා කිසියම් ජන කොට්ඨාසයකට සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරමි”

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.