ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර එළඹෙන මැදින් පුන් පොහෝදිනය දා පැවැත්වීමට සියල්ල සුදානම් කර තිබෙන බව කොළඹ ගංගාරාම විහාරවාසි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණෝ පවසනවා.
අතීතයේ අගනුවර තිබූ ඇසළ පෙරහරය පාදක කර ගනිමින් මෙම නවම් පෙරහැර අතීතයේ සිටම පැවැත්වෙන අතර මෙවර එය පැවැත්වෙන්නේ 45 වන වරට වනවා.
නවම් මාසයට විදේශිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීම සහ නවම් පොහොයේ තිබෙන ශාසනික වැදගත්කම හේතුවෙන් මෙම නවම් පෙරහැර පවත්වනු ලබනවා.
මෙවර පෙරහැර නැරඹීමට එන බැතිමතුන් උදෙසා වෙනදා මෙන් ආසන පහසුකම් සැපයීම, සනීපාරක්ෂක ස්ථාන සැකසීම, මහජන ආරක්ෂාව සැලසීම වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන්.

