පළාත්පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු වෙයි

දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත්පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ, හිටපු පළාත් පාලන නියෝජිතයින් කරනු ලැබූ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමිනුයි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වනදා ඒකමතිකව තීරණය කළා.