හිරු නැගීම – 06:26
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:20
අද නම් සෙනසුරාදා දවසක්. අද සමහර අය නම් ගෙදර, සමහර අය නම් වැඩට යන දවසක්. අපි මේ ඉන්නේ 2024 අවුරුද්දේ 48 වෙනි දවසේ.
හිතන්න ඔයාට මේ දවස් 48 ඔයා හිතපු තරම් දුරට සාර්ථක කර ගන්න බැරි වුණා කියලා. ඒකට පොඩි වෙලාවක් දුක් වෙලා ඔයා ඊළඟට එන දවස් 318 සාර්ථක කර ගන්න මහන්සි වෙන්න. තවම අවුරුද්දේ මුල් කාලේ නිසා ඔයා මේ අවුරුද්දට ඇති කර ගත්ත goals අනිවාර්යයෙන් සාර්ථක කර ගන්න ඔයාට මේ දවස් 318 ඇති.
අවශ්‍ය වෙන්නේ ඔයා මේ ඉස්සරහට එන දවස් ටිකවත් හරියට වැඩ කරන එක විතරයි. ඒ දවස් ටිකත් පහුගිය දවස් වගේම යන්න ඇරලා, හෙට කියන දවස එනකම් බලන් හිටියොත් ඔයාගේ වැඩ කරන්න ඔයා දන්නෙම නැතුව 2025 අවුරුද්දත් ලබයි.
අද අලුත් දවසක්. අද ඉදන් පටන් ගන්න ඔයාට පුළුවන්.
අද දවසේ විශේෂත්වය ගත්තොත් World Human Spirit Day එක. මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ මිනිස්සුන්ට අධ්‍යාත්මික ජීවිතය ගැන අවබෝධයක් දෙන්න.
Point of Life හි නිර්මාතෘ Michael Levy තමයි 2003 අවුරුද්දේ දී මේ වගේ දිනයක් නම් කරලා තියෙන්නේ.
එකිනෙකාට කාරුණික වීම, හිතේ නිදහස, එකිනෙකාව තේරුම් ගැනීම, ඔවුන් සමඟ සුහදව කටයුතු කිරීම වගේ දේවල් සඳහා තමයි අද දවස මෙහෙම වෙන් කරලා තියෙන්නේ. මිනිසුන් අතරට ඒ දේවල් ගෙනියන එකේ එක් පියවරක් තමයි මේ.
ඉතින් ඒ ගුණාංග අපි හැමදාම පුරුදු කරන්න ඕනි දේවල්. සමාජයක ජිවත් වන මිනිසුන් විදිහට අපි එකිනෙකා සමඟ සහයෝගිව කටයුතු කරන්න ඕනි. මිනිසුන්ට වගේම සතුන්ට, පරිසරයට කාරුණික වෙන්න ඕනි. එතකොට තමයි අපිට අපේ ජිවිත ලස්සනට ගත කරන්න පුළුවන් වෙන්නේ.
ඔයාට පුළුවන් තව කෙනෙක්ගේ ජීවිතේට යහපතක් වෙන දේවල් ඔයාගේ social media වල share කරන්න. social media කියන්නේ හැමෝම භාවිතා කරන දෙයක් නේ. ගොඩක් වෙලාවටපොඩි break එකකට වගේ social media use කරනවා, ඉතින් ඔයාට පුළුවන් එයාලගේ ඒ break එක ලස්සන වෙන දෙයක් ඔයාගේ feed එකේ share කරන්න. එකෙන් ඔයා නොදැනුවත්වම තවත් කෙන්කෙට උදව්වක් කළා වෙනවා.
අද දවසේ එක කෙනෙක්ට හරි කරුණාවන්ත වෙන්න.. අද දවසේ විතරක් නෙමෙයි ජිවිතේ හැමදාම ඔයා ලගට එන හැමෝටම කරුණාවන්ත වෙන්න උත්සාහ කරන්න.
එහෙනම් අද ලස්සන දවසක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
ජය වේවා! තෙරුවන් සරණයි!

