පෑන් ඒෂියා බැංකුව සඳහා පනවා තිබූ තහනම දීර්ඝ කරයි

ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීම තවත් මාස 06කින් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

අදාළ අත්හිටුවීම 2024 පෙබරවාරි 15 දින සිට තවත් මාස 06කට දීර්ඝ කර ඇති බව පෑන් ඒෂියා බැංකුවේ සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ (15) දැනුම් දී ඇත.

ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය 2017 අගෝස්තු 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටවනු ලැබූ අතර පසුව එය වරින් වර දීර්ඝ කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ලැබුවා.