සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් තම කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගනිමින් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙතින් මෙම ණය පහසුකම සපයා දී ඇති බවයි ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරාල්, රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ.
අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇත.
එසේම ණය ආපසු ගෙවීමට දින 180ක කාලසීමාවක් හිමි වේ. 15%ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබා දෙනු ඇත. ඒ අනුව අදාළ ණය ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ 11%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණක් වනවා.
ගොවියාට හොඳ වී මිලක් ලබා දෙමින් පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීම මෙම ණය යෝජනා ක්රමයේ අරමුණ බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙනවා.

