ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට කෘතිම බුද්ධිය පිළිබඳව පාඨමාලා හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතියයට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙම නියමු ව්‍යාපෘතිය Microsoft ආයතනයේ ද සහය ඇතිව ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.
අදාළ යෝජනාව තාක්ෂණ ආමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් එකාබද්ධව ඉදිරිපත් කර තිබෙනවා.
කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් ඊයේ (12) වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති බව සඳහන් වෙනවා.
මෙම පාඨමාලාව කෘතිම බුද්ධියට අදාළව ජාතික උපායමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව පාඨමාලා හඳුන්වා දීම සුදුසු බවට තීරණය කර තිබෙනවා.

