ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් එම ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බවත් හිටපු ජනාධිපති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් වන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපජෂ නිකුත් කළ නිවේදනය පහතින්.



