අද පෙබරවාරි දොළොස්වෙනිදා, සඳුදා

හිරු නැඟීම – 06:27
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:20

අද සඳුදා දවසක්. ඒ කියන්නේ තවත් අලුත් සතියක ආරම්භයක්. ඉතින් අද වැඩට යන්න එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන්න තියෙනවා කියලා මූන එල්ල ගෙන ඉන්නේ නැතුව මේ සතිය සුබ වේවා කියලා වැඩ පටන් ගන්න.

මොකද අපි වෙනුවෙන් කාලය කවදාවත් බලන් ඉන්නේ නැහැ නේ. ඔයා කැමති වුණත් අකමැති වුණත් කාලය ගෙවෙනවා හැම වෙලේම එකම වේගයෙන්. ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කිව්වා වගේ කාලය කියන්නේ අනික් හැමදේම වගේ සාපේක්ෂ දෙයක්. ඔයා ආස කෙනෙක් ලග ඉන්නකොට, ආස දෙයක් කරනකොට කාලය හරි ඉක්මනට ගෙවෙනවා වගේ කියලා නේ හිතෙන්නේ. ඒ වගේම ආස නැති දෙයක් කරනකොට කාලය හරිම හෙමින් යනවා වගේ නේ අපිට හිතෙන්නේ.

ඒ වුණත් අවස්ථා දෙකේම කාලය එක සමාන වේගයෙන් ගමන් කරලා තියෙන්නේ. වෙනස තියෙන්නේ අපිට ඒක දැනුනු විදිහ. මේ ලෝකේ හැමදේටම වගේ මේ සාපේක්ෂතාවාදය කියන දේ අදාළ කර ගන්න පුළුවන්.

අද දවස ගත්තොත් අද valentine week එකේ හයවෙනි දවස. අද Hug Day. ඉතින් උණුසුම් වැළඳ ගැනීමක් කියන්නේ හරි ලස්සන හැඟීමක්. එකෙන් අපිට අපේ stress එක අඩු කර ගෙන සන්සුන් වෙන්න පුළුවන්. හිතේ වචන වලින් කියන්න බැරි ලොකු බර හැඟීමකට හොඳම බෙහෙතක් තමයි තද දිගු වැළඳ ගැනීමක්.

අපි කෙනෙක්ව Hug කරනකොට අපේ ශරීරයේ Oxytocin, Serotonin, සහ Dopamine කියන හෝර්මෝන ශ්‍රාවය වෙනවා. ඒ හරහා අපේ සිතට සතුටක්, සහ සැනසිලිදායක හැඟීමක් ඇති වෙනවා. එහෙම තමයි අපේ hug කිරීම හරහා අපේ stress එක නැති වෙලා යන්නේ.

ඒ වගේම hug කිරීමක් හරහා අපිට අපි ආරක්ෂිතයි, අපි ආදරේ විදිනවා වගේ හැඟීමක් අපේ හිතේ ඇති වෙනවා. ඒ වගේම අපේ තනිකමත් ඒ හරහා නැති වෙනවා. ඉතින් hug එකක් කියන්නේ හොඳම හොඳ ඖෂධයක්.. නිතරම hugs share කර ගැනීම තුලින් එකිනෙකා අතර තියෙන ආදරණිය බැඳීමත් වැඩි වෙනවා.

ඒ වගේම අද යුධමය කටයුතු සඳහා ළමා සොල්දාදුවන් යොදා ගැනීම වැලැක්වීම සඳහා වන රතු අත් දිනය ( Red Hand Day). සමහර යුද්ධ වල දී විශේෂයෙන් ම කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන් ළමයින්ව සොල්දාදුවන් ලෙස පුහුණු කරලා යුධ බිමට යවනවා. ඒ සදහා විරෝධය ප්‍රකාශ කිරීමේ දිනය තමයි අද. 2002 වසරේ දී තමයි මෙහෙම දිනයක් හඳුන්වලා දුන්නේ.

දැනට ලොව පුරා සන්නද්ධ ගැටුම්වලට ළමුන් 250,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවට ගණනය කරලා තියෙනවා. ඒ අතරින් බහුතරය පිරිමි ළමයි වුණත් ගැහැණු ළමයිනුත් සැලකිය යුතු පිරිසක් සොල්දාදුවන් ලෙස යොදා ගෙන තියෙනවා කියලා තමා කියන්නේ.

අපේ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවති යුද්ධයේ දී ත් LTTE සංවිධානය විසින් කුඩා ළමයින්ව මේ විදිහට සොල්දාදුවන් විදිහට යොදා ගැනුනා.

ඒ වගේම අද විවාහ වීමේ නිදහස සැමරීම සඳහා වන දිනය. මෙහෙම එකක් නම් කරලා තියෙන්නේ ආදරේ කරන දෙන්නෙක්ට එයාලගේ ආගම්, කුල සහ ජාති වගේම ලිංග භේදය ආදිය නොසලකා හරිමින් විවාහ වීමේ අයිතිය ලබා දීම සඳහා. මේ වන කොට ලෝකයේ රටවල් කිහිපයක් සමලිංගික විවාහ සඳහා අවසර දීලා තියෙනවා. ඒ වගේම තවත් ගොඩක් රටවල ඒ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඔවුන් සටන් කරනවා. කොළයක අත්සන් කිරීමෙන් විතරක් දෙන්නෙක්ගේ ආදරය අමරණිය වෙන්නේ නැහැ. ඒ වුණාට යම් නීතිමය සහ සදාචාරමය හේතූන් නිසා විවාහය කියන දේ අවශ්‍ය වෙනවා.

අද උපන්දිනය සමරන විශේෂ පුද්ගලයන් දෙන්නෙක් තමයි පරිනාමවාදයේ පියා ලෙස සැලකෙන Charles Darwin සහ ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති වන Abraham Lincoln කියන්නේ.

එහෙනම් අද දවස ලස්සනට සතුටින් ගත කරන්න ඔයාට පුළුවන් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා.

ජය වේවා! තෙරුවන් සරණයි.