අද පෙබරවරි දහවනදා, සෙනසුරාදා

හිරු නැගීම – 06:27
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:19

අද පෙබරවාරි 10, සෙනසුරාදා. ඔන්න මේ සතියත් ඉවර වෙලා සතියේ අග තමයි අපි දැන් ඉන්නේ.

අද දවස අමාවක දවසක්. ඒ කියන්නේ අද හඳේ කිසිම කොටසක් අපිට පෙන්නේ නැතුව යන කළුවරම කළුවර රාත්‍රියක්. දැන් නම් ඉතින් රෑ විදුලි පහන් සහ වාහන ආලෝකය නිසා ස්වාභාවික ආලෝකයක් ගැන අපි හොයන්නේ නැහැ නේ. ඒ වුණාට ඉස්සර මිනිස්සු මේ හඳ එළියත් ප්‍රයෝජනයට අරන් තියෙනවා රාත්‍රී කාලය සඳහා. ඉතින් ඒ කාලේ නම් මේ අමාවක කියන රාත්‍රිය සෑහෙන්න කළුවර එකක් එතකොට.

ඉතින් අද අමාවක නිසා හෙට ඉඳන් ඔන්න ආයෙමත් හඳ අලුත් වෙන්න එහෙමත් නැත්නම් පුරන්න පටන් ගන්නවා. අමාවක කියන්නේ අව පක්ෂයේ අවසාන දිනය වගේම පුර පක්ෂයේ පළමු දවසත් වෙනවා. හැම අවසානයක්ම තවත් අලුත් කතාවක් ආරම්භයක් කියනවා නේ. ඒ නිසා අද වගේ දවසක ඔයා කරන දේවල් ඉදිරි දින වල දී හඳ පුරනවා වගේ සාර්ථක වෙමින් යනවා කියලා කියමනකුත් තියෙනවා. ඔන්න ඒ නිසා අද දවස හොඳින් ගත කරන්න අමතක කරන්න එපා.

ඉස්සර අපේ ආච්චිලා සීයලා නම් අමාවක දවසටත් සිල් ගන්න යනවා. ඒ කාලේ පෝය හතරක් තිබිලා තියෙනවා නේ, පසළොස්වක, පුර අටවක, අමාවක සහ අවඅටවක කියලා. සමහර අය නම් අදටත් මේ සතර පෝයටම සිල් ගන්න යනවා. කොහොමද සතර පෝයටම නිවාඩු දවස් තිබුනා නම් නේද? මල් හතයි..

අද දවස ගත්තොත් අද ගොඩක් විශේෂ දින කිහිපයක්ම යෙදිලා තියෙනවා. ඒ අතරින් වැදගත්ම එක විදිහට සලකන්න පුළුවන් වෙන්නේ චීන අලුත් අවුරුද්ද කියන එක. අද තමයි චීනේ අයට අලුත් අවුරුද්ද ලබන්නේ. ඉතින් එක එක ජාතීන් භාවිතා කරන සාම්ප්‍රදායික දින දර්ශන අනුව එයාලගේ අවුරුද්ද පටන් ගන්න දවස වෙනස් වෙනවා නේ. චීන අයගේ ඔන්න පටන් ගන්නේ අද තමයි.

එයාල මේ අවුරුද්ද නම් කරලා තියෙන්නේ මකරා ගේ අවුරුද්ද කියලා. මකරා කියන්නේ චීන සාම්ප්‍රදායේ විශේෂ අංගයක් නේ. එයාල විශ්වාස කරනවා මේ මකරාගේ අවුරුද්දේ ඉපදෙන ළමයි හරිම බුද්ධිමත් ඒ වගේම ඥානවන්ත ළමයි වෙනවා කියලා. බබෙක් එහෙම බලාපොරොත්තුවෙන් නම් ඉන්නේ මේ අවුරුද්ද තමයි ඒකට හොඳම. හිකිස්..

ඒ වගේම තමයි අද ජාත්‍යන්තර කාඩ් සෙල්ලම් දවස.. ඔන්න කාඩ් ගහන්න දක්ෂයෝ ඉන්නවා නම් එයාලට අනිවාර්යයෙන් මේක යවන්න හොඳේ.. කාඩ් ගහන එක විනෝදයට නම් කළාට කමක් නැහැ සූදුවට නම් යන්න එපා.

අද valentine week එකේ හතරවෙනි දවස. අද දවස නම් කරලා තියෙන්නේ Teddy Day කියල. Teddy Bear කියන්නේ අපි කවුරුත් ආදරේ කරන හරිම comforting දෙයක් නේ. ඔයා නැති වෙලාවට එයාගේ ලඟින් ඔයා වෙනුවට ඉන්න ඔයාට ලස්සනම teddy කෙනෙක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ scent ටිකක් ඒ teddy ට spray කරලා දෙනවා නම් එයාට ඔයා ලඟින් ඉන්නවා කියලම දැනෙයි.. marry කරලා ඉන්න දෙන්නෙක්ට නම් ඔන්න ඒක හරියටම ගැලපෙනවා. එක්කෙනෙක් කොහේ හරි යනකොට එහෙම teddy කෙනෙක් හදලා ගියාම අනෙක් කෙනාට තනියක් දැනෙනවා අඩුයි නේ.

අද පෙබරවාරි 10 වෙනිදා කුඩ දිනය විදිහටත් නම් කරලා තියෙනවා. ඔන්න ඔයාට පුළුවන් ඔයා ආදරේ කරන කෙනා Teddy Bear ලට කැමති නැත්නම් ලස්සනම ලස්සන කුඩයක් එයාට අරන් දෙන්න…

ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස තියෙන්නේ. ඔයාගේ මේ සෙනසුරාදා කොහොමද සැලසුම්?

සතිඅන්තය කියන්නේ හැමෝම වගේ ගෙදර ඉන්න දවස් නිසා අනිවාර්යයෙන්ම කටටියම family time එකක් හදා ගන්නත් අමතක කරන්න එපා. කට්ටිය සතුටින් ආදරෙන් එකට එකතු වෙලා ඉන්නකොට තමයි පවුලක් කියන හැඟීම හොදටම දැනෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් ඒකට මුල් තැන දෙන්න.

එහෙනම් සතුටින් ඉන්න. ජය වේවා!

තෙරුවන් සරණයි!