නියමිත බර ප්රමාණය මෙන්ම මිල ප්රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.
එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.
පාන් වන නියමිත බර දක්වමින් ගැසට් පත්රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදු කරන ලද වැටලීම්වලදී මෙම බේකරි සහ වෙළඳසැල් හඳුනා ගෙන තිබෙනවා.
මෙම වැටලීම් දිවයින පුරා අඛණ්ඩව සිදු කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරන්නේ.
එසේම පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසද ඉල්ලීමක් කරනවා.

