හිරු නැගීම – 06:27
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:19
අද සිකුරාදා දවසක්.. දන්නෙම නැතුව ඔන්න මේ සතියත් ගෙවිල ගිහින්.. අද ගොඩක් අය මේ සතියේ වැඩට යන අවසාන දවස නිසා අද නම් ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැහැල්ලුවක්. ඒ වගේම ඉස්කෝලේ යන ළමයින්ටත් හෙට ඉදන් දවසක් දෙකක්ම ඉස්කෝලේ නිවාඩුයි නේ.
ඉතින් අද දවස valentines week එකේ තුන්වෙනි දවස, අද නම් කරලා තියෙන්නේ chocolate day කියල. චොක්ලට් කියන්නේ අපි ගොඩක් අය කන්න කැමති කෑමක් නේ. ඉතින් අද chocolate day දවසේ ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන්, එහෙමත් නැත්නම් ඔයා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් චොක්ලට් එකක් අරන් දෙන්න.. චොක්ලට් ඉතින් එක එක වර්ග තියෙනවා නේ, ඒ අතරින් dark chocolate කියන්නේ අනෙක් චොක්ලට් වලට සාපේක්ෂව ටිකක් වැඩියෙන් ප්‍රයෝජනය තියෙන එකක්.
ගැහැණු ළමයින් ඔසප් වෙනකොට එහෙම එයාලට ඇතිවෙන cramps වලට dark චොක්ලට් කියන්නේ ගොඩක් සුදුසු දෙයක් කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි dark chocolate වල විශේෂ Antioxidants එහෙමත් තියෙන නිසා ඒවාත් ශරීරයට ඉතාම හිතකර වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාණය දැන ගෙන මේ dark chocolate කෑවොත් එකෙන් හදවත් රෝගී තත්ත්ව වුණත් ඇති වීමේ සම්භාවිතාවය අවම කර ගන්න පුළුවන් කියනවා.
ඒ වගේම ඔයා පාඩම් කරන ගමන් dark chocolate එකක් ආහාරයට ගත්තොත් ඔන්න ලේසියෙන්ම පාඩම් මතක තියා ගන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ.
මන් කලින් කිව්වනේ එක එක චොක්ලට් ජාති තියෙනවා කියලා. චොක්ලට් කියන්නේ කොහොමත් ටිකක් sex drive එක වැඩි කරන ආහාරයක්.. ඉතින් ඒකට තවත් දේවල් එකතු කරලා ඒ වගේ විශේෂ අවස්ථා වෙනුවෙන් ම හදපු චොක්ලට් එහෙමත් තියෙනවා.
අද දවස සිදු වෙලා තියෙන වැදගත් සිදුවීම් ගත්තොත් 1943 වසරේ අද වගේ දවසක තමයි දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ Guadalcanal සටන අවසන් වුණේ. ජපන් හමුදාවන් සහ ඇමරිකානු හමුදා අටහ්ර පැවතුන මෙම සටනින් ඇමරිකානු හමුදාව ජයග්‍රහණය කරනු ලැබුවා.
ඒ වගේම ප්‍රසිද්ධ බෝයිං 747 ජෙට් යානය එහි පළමු පියාසැරිය සිදු කරලා තියෙන්නෙත් අද වගේ දවසක. එය එක්සත් ජනපදයේ Boeing Commercial Airplanes විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද පුළුල් පරාසයේ ගුවන් යානයක් වනවා.
ඔන්න අපිට ගොඩක්ම ආසන්න වැදගත් සිදුවීමකුත් 2020 අවුරුද්දේ අද වගේ දවසක වෙලා තියෙනවා. ඒ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවකට සීග්‍රයෙන් පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය සඳහා ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරලා තියෙන්නේ අද වගේ දවසක.
දැන් නම් කොරෝනා කියන්නේ සාමාන්‍ය දෙයක් වුණාට ඒ කාලේ නම් කොරෝනා ලෙඩෙක් හම්බ වුණා කිව්වම හරිම භයානක දෙයක් වුණා නේද ඒක? කොහොම වුණත් තවමත් කොරෝනා අවදානම 100%ක් ලංකාවෙත් පහව ගිහින් නැති නිසා අනිවාර්යයෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න අමතක කරන්න එපා.
ඉතින් එහෙනම් ලස්සන සති අන්තයකට සූදානම් වෙන ගමන් අද දවසත් ලස්සනට ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

