ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කරයි

වෙළඳපොළ සහභාගීත්වයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල හැසිරීම් සමාලෝචනය කිරීමෙන් පසු ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

දේශීය මුදල් වෙළෙඳපොළ නැවත සක්‍රීය කිරීම සහ මූල්‍ය ආයතන අතර තැන්පතු ඒකරාශී කිරීම සඳහා පවතින අධික තරගකාරීත්වය අවම කිරීම සඳහා එම පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙන අතර ඒවා ලබන පෙබරවාරි මස 16 වන දා සිට බලපැවැත්වෙනු ලබනවා.