රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ලෝකයේ රටවල තිබෙන විශාල වෙළෙඳ පොළවල් සමඟ ගනුදෙනු සිදුකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි වන බවයි.
ඒ අනුව මේ වසර අවසානය වන විට ඉන්දියාව, චීනය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව හා වියට්නාමය සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වනවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

