සුරූපී බොලිවුඩ් නිළි පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට

ඉන්දීය සුරූපී නිළියක් මෙන්ම නිරූපිකාවක් සහ රියැලිටි තරුවක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා වෙනවා.

මිය යන විට 32 හැවිරිදි වියේ පසු වූ ඇය ගැබ්ගෙල පිළිකාව හේතුවෙන් මරණයට පත් වී තිබෙනවා.

නාෂා, Malini & Co. ආදී චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ ඇය 2011 වසරේ දී විකාශනය වූ Dance of the Lizards රියැලිටි වැඩසටහන් මාලාවේ දී පෙනී සිටියා.

ඇය සමාජ මාධ්‍ය තුළ වඩාත් ක්‍රියාකාරී චරිතයක් වූ අතර ඇය පළ කරන ඇතැම් පොස්ට් හේතුවෙන් ඇය වඩාත් ප්‍රසිද්ධියට ද පත් වුණා