අද පෙබරවාරි දෙවෙනිදා, සිකුරාදා

හිරු නැගීම – පෙරවරු 06:27
හිරු මුදුන් වීම – මධ්‍යහන 12:22
හිරු බැසීම – පස්වරු 06:17

අද සිකුරාදා දවසක්…ගොඩක් අයගේ සතියේ වැඩ කරන අවසාන දවස. ඒ වගේම දුර බැහැර ප්‍රදේශ වල ඉදන් රස්සාවක් කරන්න, ඉගෙන ගන්න එහෙම ආපු අය තමන්ගේ ගෙවල් වලට ආයේ යන දවසක්.. ඉතින් අද දවසෙත් ඔයාලගේ වැඩ කටයුතු ඉතාම හොඳින් කර ගන්න ලැබෙන්න ඕනි.

පෙබරවාරි දෙවෙනිදා කියන්නෙත් විවිධ විශේෂතා රැසක් තියෙන දවසක්.

ලෝක පිළිකා දිනය අදට යෙදිලා තියෙනවා. අද වෙනකොට ලෝකයේ විශාල සංඛ්‍යාවක වැඩිහිටියන් වගේම කුඩා දරුවන් ද මේ රෝගයට ගොදුරු වෙලා ඉවරයි. අපේ දුර්වල ආහාර රටාව, සහ සෞඛ්‍යසම්පන්න ජිවන රටාවකට හුරු නොවීම වගේ හේතුත් ඇතුළත්ව විවිධ හේතූන් නිසා අද වන විට මේ පිළිකාව කියන දේ සීග්‍රයෙන් පැතිර යන්න පටන් අරන් තියෙනවා. පිළිකාවක් කියන්නේ අපේ ශරීරවල සෛල වෙනස්වීම් වලට ලක් වෙලා වේගයෙන් විභාජනය වීමක් කියලා හඳුනා ගත්තට මේ පිළිකාව හරියටම ඇති වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා තවමත් හඳුනා ගෙන නැහැ. ඒ වුණාට මේ පිළිකාව මූලික අදියරයේ දී හඳුනා ගත්තොත් නම් ප්‍රතිකාර මාලාවක් ඔස්සේ සම්පූර්ණයෙන් සුව කරන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ ශරීරය ගැන අවදානයෙන් ඉන්න…

මීට අමතරව අද ලෝක තෙත්බිම් දිනය. තෙත්බිමක් කියන්නේ විශේෂ පරිසර පද්ධතියක්. ශ්‍රී ලංකාවෙත් මුතුරාජවෙල, බූන්දල වගේ තෙත්බිම් පිහිටලා තියෙනවා. ඒවා විශාල පරාසයක පක්ෂීන්, සහ අනෙකුත් සතුන්ට මෙන්ම ශාක වලට වාසස්ථාන සපයනවා. අද වන විට ශ්‍රී ලංකාවේ නම් විනාශ කරමින් යන මේ තෙත්බිම් පරිසර පද්ධතිය අනිවාර්යයෙන් අපි ආරක්ෂා කර ගන්න ඕනි. ඒ වෙනුවෙන් තෙත්බිම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න තමයි මේ වගේ ලෝක තෙත්බිම් දිනයක් නම් කරලා තියෙන්නේ.

ඒ වගේම තමයි පෙබරවාරි දෙවෙනිදා විශේෂ සිදුවීම් රැසක් ම සිදු වෙලා තියෙනවා.

බ්‍රිතාන්‍ය නාවිකයෙකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් වසර පහක් කාන්තාර දූපතක සිරවී සිටිය දී විලියම් ඩම්පියර් විසින් ඔහු බේරා ගෙන ඇත්තේ ද අද වැනි වූ දිනයක වනවා. පසුකාලයේ දී මේ සිද්ධිය ආශ්‍රය කර ගෙන තමයි Daniel Defoe විසින් Robinson Crusoe එහෙම නැත්නම් රොබින්සන් අන්දරය කියන නවකතාව රචනා කරලා තියෙන්නේ.

ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ තැනැත්තා ලෙස හැඳින්වෙන මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ Robert Walpole සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ද අද වන් වූ දවසක වනවා.

ඉතින් මේ වගේ වැදගත් සිදුවීම් රැසක් වුණු අද දවසේ ඔයාගේ ජිවිතේටත් ලස්සන මතක එකතු කර ගන්න ඔයා මහන්සි වෙන්න…

එහෙනම් ඔබට සුබ දවසක්… ජය වේවා!

තෙරුවන් සරණයි!