ගෙවී ගිය වසර තුළ අවුරුදු 18ට වඩා අඩු ගැබිනියන් 167 ක් වාර්තා වී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කරනවා.
එමෙන්ම 2023 වසරේ දී අවුරුදු 18 අඩු ළමා අපරාධ 1,502ක්ද, කැමැත්ත ඇතිව ස්ත්‍රී දූෂණ 1,163ක්ද, බලහත්කාරකම් ලෙස සිදු වූ ස්ත්‍රී දූෂණ 339ක්ද වාර්තා වී තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“මැතක සිට අපේ රටේ කාන්තාවන්ට එරෙහිව දූෂණ සහ ඝාතන රැල්ලක් ඇති වෙමින් පවතිනවා. මෙය ඉතා භයානක තත්වයක්. මේ හේතුව නිසා කාන්තාවන් සහ දරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. පසුගිය වර්ෂයේ දී අවුරුදු 18ට අඩු ළමා අපරාධ 1502 ක් වාර්තා වී තිබෙනවා. එසේම කැමැත්ත ඇතිව 18ට අඩු ස්ත්‍රී දූෂණ සිදුවීම් 1163 ක් වාර්තා වී තිබෙනවා. එසේම කැමැත්ත නොමැතිව බලහත්කාරකම් ලෙස සිදු වූ 18ට අඩු ස්ත්‍රී දූෂණ ගණන 339 ක් වී තිබෙනවා. එහි භයානකම තත්වය අවුරුදු 18 ට අඩු ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වී තිබීම.”

