ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නැංවුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ සඳහන් මිල සූත්‍රයට අනුව ගැලපූ විට එය 2.61%ක වැඩි වීමක් ලෙස දැක්වෙනවා.
ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ හැක්කේ සමස්ත කිලෝමීටරයක ධාවන පිරිවැය 4%ක ප්‍රමාණයකින් වැඩි වීමට දායක වුවහොත් පමණක් බවයි එහි සභාපති ශෂී වෙල්ගම පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් බස්ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් තරයේ අවධාරණය කරනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා ඉහළ දැමිය යුතු බවයි.

