අද පෙබරවාරි පළමුවැනිදා, බ්‍රහස්පතින්දා

හිරු නැගීම – පෙරවරු 06:27
හිරු මුදුන් වීම – මධ්‍යහන 12:22
හිරු බැසීම – පස්වරු 06:17

අද 2024 අවුරුද්දේ දෙවෙනි මාසේ පළමුවැනි දවස. අදින් අවුරුද්දේ තියෙන කෙටිම මාසේ ආරම්භ වෙනවා.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය සිය පළමු සැසිවාරය නිව් යෝර්ක් නගරයේ පැවැත්වුයේ 1790 වසරේ අද වන් වූ දිනක වනවා.

ඒ වගේම තමයි ප්‍රසිද්ධ ඇමරිකානු ලේඛකයෙක් වන කළු ජාතික ලැන්ග්ස්ටන් හියුස් උපත ලැබුවේ ද 1902 වසරේ පෙබරවාරි පළමුවැනිදා දවසකයි.

අද දවස සුභාවාදීන්ගේ දවසයි.. සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙන්නාක් මෙන් ඕනෑම අයහපත් යැයි සලකන දෙයක යහපත් යමක් වුවද සැඟවී තියෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ යම් අයහපත් දුෂ්කර අවස්තාවක් පැමිණි විට, එම අවස්තාව කෙරෙහි හොඳින් අවධානය යොමුකරලා ඉන් නොසැලී, එහි වූ යහපත් පැත්ත සොයා ගැනීමයි. සියල්ලකම යහපත් පැතිකඩක් දකින පුද්ගලයා නිරන්තරයෙන් සතුටින් සිටින අතර ඔහු ඒ හරහා තමන්ගේ දියුණුවට මාර්ගයක් ද සකසා ගන්නවා.

ඒ නිසා අදින් පටන් ගන්න මේ මාසයේ හැම දෙයකම හොඳ දෙයක් දකින්න පුරුදු වෙන්න…

මේ අතර පෙබරවාරි පළමුවැනිදා ලෝක හිජාබ දිනය ලෙස ද නම් කර තිබෙනවා. හිජාබය යනු මුස්ලිම් කාන්තාවන් සිය හිස ආවරණය කරමින් පළදින සාම්ප්‍රදායික හිස් ආවරණයක් වනවා. අද දිනයේ දී මුස්ලිම් තරුණියන්ව මේ හිජාබය භාවිතා කිරීමට උනන්දු කරවීම සහ හිජාබය සම්බන්ධයෙන් අනෙකුත්ආගම් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලබනවා.

ඉතින් අද දවස ඔබේ යහපත් පැතුම් ඉෂ්ට වෙන සුබ දවසක් වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.

අදින් ඇරඹෙන මේ මාසය ඔබේ දියුණුවට හේතුවෙන ප්‍රීතිමත් මාසයක් කර ගන්න ඔබ දරන උත්සාහයන් ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා!

ඔබ සැමට තෙරුවන් සරණයි!