විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව 100%කින් ඉහළට

පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.