දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම්වලදී ගෙවුණු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 499ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230 ක් සමගින් මුළු සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 499 දෙනා අතරින් සැකකරුවන් 03කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බව සඳහන්.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 230 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 204ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්,
හෙරොයින් 146g
අයිස් 119g
ගංජා 945g
ගංජා පැල 6,241
ඈෂ් 308g
මාවා 614g
මදනමෝදක 254g

