මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 09ක ණය මුදලක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙනවා.
සහනදායී පොලී අනුපාතයක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 50ක් ද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 25ක්ද මේ යටතේ ලබාදීමට නියමිතයි.

