2025 වසරේ සිට නව බද්දක්

2025 වසරේ සිට නව දේපල බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ඔහු පෙන්වා දෙන්නේ නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බවයි.

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලු‍ම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.