රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද වර්ජනයක

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර තිබෙනවා.

එසේම අද දිනයේ දී රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් ද පවත්වන බවයි එම කමිටුවේ සභාපති එච්.එල්.ඒ උදයසිරි මහතා පැවසුවේ.

“අද දවසේ රජයේ විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව නියෝජනය කරමින්, මේ රටේ දීපව්‍යාප්ත සේවා සහ සමාන්තර, දෙපාර්තමේන්තු ගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කළා. අද මේ රටේ දීපව්‍යාප්ත සේවා ලෙස සැලකෙන හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මේ රටේ මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් කොළඹට රැස්වෙලා සමුළුවක් පවත්වනවා…”