විදුලිය ජනනයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් සතියක කාලයක් පමණ මෙහෙයුම් කටයුතු නතර කර තිබූ ජපාන චන්ද්‍ර ගවේෂණ යානය යළිත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පසුගිය ඉරිදා රාත්‍රියේ යානයේ ලෑන්ඩරය සමඟ නැවත සම්බන්ධතා ඇති කර ගැනීමට සමත් වී ඇති අතර යානයේ තිබූ විදුලි සැපයුම් දෝෂය යථා තත්ත්වයට පත් වී තිබීම හේතුවෙන් එලෙස යළි සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ස්ලිම් නැමති මෙම චන්ද්‍ර ගවේෂණ යානය පසුගිය 20 වන දා සඳ මතට ගොඩබාන විට දී එහි විදුලිය නිපදවන සූර්ය කෝෂ අංශක 90ක වැරදි කෝණයකට හැරී තිබෙනවා.
එහි දී සුර්යය කෝෂ වලට සුර්යයාලෝකය නොලැබීම හේතුවෙන් යානයේ විදුලි ජනන ක්‍රියාවලිය අඩාල වී තිබෙනවා.
චන්ද්‍රයාගේ සමකය ආසන්නයේ ඇති ෂියෝලි නම් ආවාටයේ ඉවුරක් අසබඩ ඇති ප්‍රදේශයක් වෙතට මෙම යානය ගොඩ බා තිබෙනවා.
මෙම යානය සඳ මත කොතරම් කාලයක් සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ ද යැයි නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකි බවයි ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සඳහන් කරන්නේ.
ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ යානය මේ වන විට ස්ථානගතව ඇති ප්‍රදේශය වෙත සුර්යයාලෝකය නොලැබෙන දින 14ක කාලය සඳහා මුහුණදීමට යානය සුදානම් කර නොමැති වීමයි.

