නොමිලයේ වෛද්‍ය පරීක්ෂණ සහ සේවා රැසක් ලබා ගැනීමේ අවස්ථාවක් බණ්ඩාරවෙල දී

බණ්ඩාරවෙල අඹතැන්න Excellent 20 Society සහ බණ්ඩාරවෙල සිංහ සමාජය එකමුතුවෙන් සංවිධානය කරනු ලබන බහුවිධ ව්‍යාපෘතිය සහ වෛද්‍ය සායනය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව එය ලබන පෙබරවාරි මස 06 වන දින බණ්ඩාරවෙල හපුතලේ පාර නාමල් හෝටල් පරිශ්‍රයේ දී පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙන බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ.

මෙහි දී නොමිලයේ ඇස් පරික්ෂා කර ඇස් කන්නාඩි ලබා දීම, රෝද සහිත අත්වාරු ලබා දීම මෙන්ම ශ්‍රවනාධාර කට්ටල ලබා දීම ද සිදු කෙරෙනු ලබනවා.

එසේම දියතලාව ආයුර්වේද රෝහලේ අනුග්‍රහය යටතේ ආයුර්වේද වෛද්‍ය සායනයක් ද, ඔසු පැන් දන්සලක් ද සංවිධානය කර ඇති බව සඳහන්.

මෙම වෛද්‍ය සායනයට සමගාමිව ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමය මඟින් ඇස් පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි කිරීමේ සහ ලේ දන් දීමේ කඳවුරක් ද එදිනට පැවැත්වෙනවා.

ජාතික හැඳුනුම්පත්, වැඩිහිටි හැඳුනුම්පත් මෙන්ම උප්පැන්න සහතික පත් ලබා දීමේ ජංගම සේවයක් ද එදිනට ක්‍රියාත්මක වන බැවින් මෙම වැඩසටහන හා සම්බන්ධ වන්නන්ට එම සේවාවන්ද ඉතාම පහසුවෙන් නොමිලයේ සිදු කර ගත හැකි වනවා.

ඉහත නම් කරන ලද සේවාවන් ද ඇතුළුව ඉතා විශාල වැඩපිළිවෙලක් එදිනට සංවිධානය කර ඇති අතර ඒ සඳහා සහභාගී වෙමින් එය සාර්ථක කර ගැනීමට උපකාරී වන ලෙස බණ්ඩාරවෙල සහ අවට ජනතාව වෙත සංවිධායක මඩුල්ල ගෞරවනීය ආරාධනයක් සිදු කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දුරකථන අංක ඇමතීම හරහා ලබා ගත හැක,

ගරු සභාපති – 076 83 40 942
ගරු ලේකම් – 077 76 51 273
ගරු භාණ්ඩාගාරික – 077 79 11 510