ගාල්ල බන්ධනාගාරයේ කටයුතු යළි ආරම්භ කරයි

මොලේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීම හේතුවෙන් සීමා කර තිබූ ගාල්ල බන්ධනාගාරයේ කටයුතු ලබන සෙනසුරාදා සිට යළි ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

පසුගියදා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ රෝගයෙන් මියගිය අතර තවත් රැඳවියන් අට දෙනෙකු උණ රෝග තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

මේ වන විට ඉන් රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා ඇති අතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව යි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා පවසන්නේ.