වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (10) උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබෙනවා.
එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක්වන බවයි.
කෙසේවෙතත් ළමා රෝහල, පිළිකා රෝහල, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවනු ඇත.


