එම්මානුවෙල් මැක්රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධූරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අගමැති ලෙස Gabriel Attal (ගේබ්‍රියෙල් ඇටල්) නම් කර තිබෙනවා.
34 හැවිරිදි Gabriel Attal නූතන ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැති ලෙසයි හැඳින්වෙන්නේ.
මාස 20ක් අගමැති ධුරය හෙබවූ Élisabeth Borne ඉල්ලා අස්වීම හේතුවෙන් මින් පෙර ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය හෙබවූ Attal මෙම තනතුර සඳහා පත් කර තිබෙනවා.
මින් පෙර ප්‍රංශයේ ලාබාලතම අගමැති ලෙස සලකනු ලැබුවේ 1984 දී අගමැති ධුරයට පත් වුනු 37 හැවිරිදි ලෝරන්ට් ෆේබියස් නම් සමාජවාදී දේශපා;ලඥයා වනවා.

