හෝමාගම කර්මාන්තශාලාවක දුමාරයක් හේතුවෙන් ජනතාවට ශ්වසන අපහසුතා

හෝමාගම කර්මාන්ත ශාලාවක භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් අද අලුයම් කාලයේ සිට සුදු පැහැති දුමාරයක් කර්මාන්තශාලා පරිශ්‍රයෙන් පිට වන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග වසා දමා ඇති අතර ගිනිනිවීමේ රථ සහ ගිලන් රථ සේවාද සූදානම් කර ස්ථානගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කර්මාන්තශාලාවේ පිහිටි භූගත ටැංකියකට සිදුවූ හානියක් හේතුවෙන් ඉන් පිටවූ වායුවක ඇතිවූ රසායනියක ප්‍රතික්‍රියාවක ප්‍රතිළුලයක් ලෙස මෙම වායුව හටගෙන ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

දුමාරය පැතිරීම ආරම්භ වූ පසු ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමට සුළු අපහසු තත්ත්වයක් හටගෙන තිබූ අතර ඒ හේතුවෙන් අවට ජනතාවට මුව ආවරණ පැලඳීමට ද උපදෙස් ලබාදී තිබෙනවා.

මේ වන විට තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.