වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන Disturbance, Availability & Transport හෙවත් DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා ඉහළ යනු ඇත.
එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව 25% කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එකතු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

