ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.
ඒ යටතේ මූලිකව යාපනයේ ශික්ෂණ රෝහල සඳහා ඉඩම් වෙන්කර දීමටත්, ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සඳහා මුදල් වෙන් කිරීමටත් පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයේ නියෝජිතයන් සහ තරුණ ප්‍රජාව සමඟ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.
සෞඛ්‍ය ක්ෂේත්රය, අධ්‍යාපන ක්ෂේත්රය සහ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් 300කට ආසන්න පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙනු ලැබීය.
උතුරු පළාත ජාතික ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස සහ තරුණ ප්‍රජාව ලෙස තම දායකත්වය ලබාදෙන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.




