යුක්රේනය විසින් එල්ල කරන ලද මාරාන්තික ප්රහාරවලින් පසු රුසියානු බලධාරීන් විසින් බෙල්ගොරොඩ් නගරයෙන් එහි පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්රදේශය භාර ආණ්ඩුකාර වියචෙස්ලාව් ග්ලැඩ්කොව් පැවසුවේ එම නගරයේ යුක්රේනයේ දේශ සීමාවට ආසන්නව පිහිටි ප්රදේශයෙන් පවුල් කිහිපයක් මේ වන විට ඉවත් කර අවසන් බවයි.
පසුගිය සෙනසුරාදා යුක්රේනය විසින් බෙල්ගොරොඩ් නගරයට එල්ල කරන ලද ප්රහාර හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

