උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ඉදිරි සති 02 තුළ උතුරට පැමිණ ඒ පිළිබඳ සොයා බලා උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි.
යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ අද (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
උතුරු පළාතේ කර්මාන්තකරුවන්, ධීවර ප්‍රජාව සහ ගොවි ජනතාව 300ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර තම කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු හා නව යෝජනා ඔව්හු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ද පියවර ගනු ලැබීය.
එසේම උතුරු පළාතට කර්මාන්ත කලාපයක් ලබා දෙන ලෙස මෙහිදී කර්මාන්තකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර ඊට අවශ්‍ය භූමි ප්‍රදේශයක් සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.




