ඉන්දියාවෙන් නොමිලයේ දුම්රිය එන්ජින් 20ක්

ශ්‍රී ලංකාවට නොමිලයේ දුම්රිය එන්ජින් 20 ක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු අදියරය ලෙස දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.