උසස් පෙළ විභාගය අද සිට

2023 / 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් ආරම්භ වනවා.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ දරුවන් වෙත කරන ලද දැනුම් දීම පහතින්,

“සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවසන් මොහොත වනතෙක් ඉන්න එපා. විභාග මධ්‍යස්ථානවලට කල් ඇතිව යන්න. මෙවර අලුත් විෂයක් එකතු වෙලා තිබෙනවා. කොරියන් භාෂා විෂය. එම විෂය ඇතුළත් කිරීම නිසා කාලසටහනේ යම් වෙනසක් සිදුවුණා. ඒ නිසා පෙර කාලසටහන් භාවිත කරන්න එපා. ප්‍රවේශ පත්‍රයේම කාලසටහන දක්වලා තිබෙනවා. එය ප්‍රමාණවත්.”

මෙවර විභාගය ලබන 31 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.