දුම්රිය, ත්‍රීරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මීට අදාළ පනත වෙනස් කිරීම සඳහා මේ වනවිට නීතිපතිවරයා වෙත අදාළ ලියකියවිලි යවා ඇති බවයි අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.
ඊයේ (01) දිනයේ දී ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදෙන ලෙස දන්වමින් තමා කැබිනට් පත්‍රිකාවක් ලබාදුන් බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.
මේ හරහා වඩාත් සාධාරණ ලෙස මිල ප්‍රතිපත්තියක් ඇති කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

