ඩෙන්මාර්කයේ රැජින සිය කිරුළ අතහරී

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කර තිබෙනවා.

ඇය නිල වශයෙන් ලබන 14 වන දා ඉවත් වී, තම කිරුළ ඇයගේ පුත් ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරුට දෙන බවයි ඇය අද ජනතාව අමතමින් නිවේදනය කර සිටියේ.

අද (01) දිනට ඇය රැජින බවට පත්වී වසර 52ක් සපිරෙනවා.

ෆෙඩ්රික් කුමරු වෙනුවෙන් විශේෂයෙන් ඔටුනු පැළඳවීමේ උත්සවයක් නොපවතින අතර Copenhagen හි Amalienborg මාලිගය විසින් නිකුත් කරන නිවේදනයකින් පසු ඔහු ඩෙන්මාර්කයේ මෙන්ම ග්‍රීන්ලන්තයේ සහ ෆාරෝ දූපත් ද රාජ්‍ය නායකයා බවට පත් වනු ලබනවා.

83 හැවිරිදි ඇය 1972 දී ඇගේ පියා වන IX ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු සිංහාසනයට පත් වූ අතර එංගලන්ත මහ රැජිනයේ අභාවයෙන් පසුව මේ වන විට ලොව සිටින එකම රැජින දෙවැනි මාර්ග්‍රේතා රැජින වනවා

Prince Frederik and Princes Mary walk outside Westminster Abbey
ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු සහ ඔහුගේ බිසව මේරි කුමරිය