අනිවාර්යය බදු ගොනු විවෘත කිරීමේ තීරණය කල් යයි

ලබන වසරේ ජනවාරි පළමුවැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් බදු ගොනු විවෘත කිරිමේ ක්‍රියාවලියට මහජනතාව ලියාපදිංචී වීමේ ප්‍රමාදයක් සිදු ව ඇති අතර, ඊට තවත් කාලයක් ලබාදීමේ අරමුණින් මෙලෙස එය ක්‍රියාත්මක කිරීම මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.