දෙසැම්බරයේ පමණක් ඩෙංගු රෝගීන් 10,000කට වැඩි පිරිසක්

දෙසැම්බර් මාසයේ දී පමණක් ශ්‍රී ලංකාවෙන් නව ඩෙංගු රෝගීන් 10,600කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි.

එසේම මේ වන විට ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 62ක් ද නම් කර තිබෙනවා.

ඩෙංගු හේතුවෙන් 2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මරණ 55ක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,078ක් වන අතර කොළඹින් රෝගීන් 18,401ක් ගම්පහින් 16,020ක් සහ කළුතරින් රෝගීන් 5122ක් වාර්තා වී තිබෙනවා.