උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව වසා දැමීමටදුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙනුයි.

ඒ අනුව ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් සඳහා අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරෙනු ඇත