ශ්‍රී ලංකාවට අයත් ආසන්න ඉන්දියන් සාගර කලාපයේ යාත්‍රා කරන විදේශීය පර්යේෂණ යාත්‍රා සදහා වසරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා.
මෙම තහනම පිළිබඳව විවිධ මත පළවෙමින් පවතින අතර එය ඉන්දියාවේ බලපෑම මත සිදුවූවක් බවයි බොහෝ දෙනා අර්ථකථනය කර තිබෙනවා.
චීනය විවිධ සමුද්‍රීය පර්යේෂණ ඉදිරියට දමාගෙන මිලිටරි අරමුණු සදහා දත්ත රැස් කිරීම සිදුකරන බවට ඉන්දියාව විසින් චෝදනා එල්ල කරනු ලබනවා.
දිය යට පර්යේෂණ ක්‍රියාකාරකම් හරහා සංවේදී දත්ත රැස් කිරීමට විදේශීය බලවතුන්ට ඇති හැකියාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව හා මාලදිවයින යන දෙරටෙන්ම අනාගත හමුදා මෙහෙයුම් සදහා ඉන්දීය සාගරය ගවේෂණය කිරීමට චීන යාත්‍රාවන්ට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ
කෙසේ නමුත් ඉදිරියේ දී විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ විදේශීය පර්යේෂණ නෞකාවලට ලංකාවට පැමිණීමට අවසර ලැබීමට නියමිත අතර එහිදී සැකසෙන ක්‍රමවේදය ඉන්දියන් සාගරය සදහා වඩාත් ස්ථාවර හා ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීම ප්රමුඛ කරගත් එකක් විය යුතු බවටයි ඉන්දියාව අදහස් පළකර සිටින්නේ.

