2019 වසරේ දී සරම්ප රෝගය මුළුමනින්ම තුරන් කරන ලද රටක් බවට පත් වුණ ද මේ වසරේ සරම්ප ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක් ඇති වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2023 වසරේ ආරම්භයේ සිට මැයි මාසය දක්වා වූ කාලයේ දී පමණක් සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බවයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය සහ ජිනීවා කාර්යාලය සමඟ එක්ව විශේෂ එන්නත්කරණ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.
එහි පළමු අදියරය ලෙස සරම්ප රෝගීන් බහුලව වාර්තා වන දිස්ත්‍රික්ක වල මාස 6ත් 9ත් අතර ළදරුවන්ට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් ලබන ජනවාරි 6 සෙනසුරාදා පෙ.ව. 9.00 සිට සවස 4.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.සරම්ප ව්‍යාප්තියේ වර්ධනයක්

