කේක් අලෙවිය 75% කින් අඩුවෙයි

මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙවර නත්තල් උත්සවයේදී කේක් අලෙවිය 75% කින් පමණ අඩු වුණු බවයි.

ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම මෙලෙස අලෙවිය පහත බැසීමට ප්‍රධානම හේතුව ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවර බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාව ද පැවැති බවයි.

ආනයනික බිත්තර බේකරිහිමියන්ට නොලැබීම හේතුවෙන් දේශීය බිත්තරයක් රුපියල් 55 කට මිලදී ගෙන කේක් අඩු මිලට අළෙවි කිරීමේ අපහසුතාවක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.