ඉන්දියාව සිය යුද නැව් තුනක් අරාබි මුහුදේ ස්ථානගත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පසුගිය දා බටහිර ගුජරාට් ප්‍රාන්ත වෙරළේ සිට නාවික සැතපුම් 200ක් ඔබ්බෙන් පිහිටි MV Chem Pluto නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙනුයි.
එසේම අරාබි මුහුදේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා දිගු දුර සමුද්‍ර ඔත්තු බැලීමේ ගුවන් යානයක් ද නිරන්තරයෙන් පියාසර කිරීමට කටයුතු යොදා ඇති බවයි ඉන්දීය නාවික හමුදාව සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදු නොවුණු අතර ප්‍රහාරයෙන් පසු ඇති වූ ගින්න කාර්යය මණ්ඩලය විසින් ඉක්මනින් නිවා දමා තිබෙනවා.
ප්‍රහාරයට ලක් වුණු නෞකාව සෞදි අරාබියේ සිට දකුණු ඉන්දියාවේ මංගලෝර් වරාය වෙත තෙල් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාර ගෙන නොමැති අතර ඇමරිකාව චෝදනා කර ඇත්තේ මෙය ඉරාන ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.

