සාමයේ පණිවිඩ ගෙන ආ ජේසු කුමරු ඉපදුණු අසිරිමත් නත්තල අද

සාමයේ පණිවිඩය ලෝකයට ගෙන එමින් බෙත්ලෙහෙමේ ගව ලෙනක ජේසු කුමරු ලැබූ උපත සිහිපත් කෙරෙමින් සමරන ඒ අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා.

ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ද සෑම දේවස්ථානයකම පාහේ ඊයේ උපත සිහි කරමින් මධ්‍යම රාත්‍රියේ නත්තල් දේව මෙහෙයන් පැවැත්වුණු අතර ඊට කෝටි සංඛ්‍යාත කිතුනු සහ කතෝලික බැතිමතුන් එක් වී සිටියා.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වෙනු ලැබුවා.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත්වුනා.

කෙසේවෙතත් ජේසුස් වහන්සේ උපන්නා යැයි සැලකෙන බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සැමරුම් කිසිවක් සිදු කර නැහැ.