චීන අගනුවරට දරුණු ශීතල කාලගුණයක්

චීනයේ අගනුවර වන බීජිං නුවර උෂ්ණත්වය මේ දෙසැම්බර් මාසයේ දී වාර්තාගත ලෙස ඉතා පහත වැටි තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ චීනය මෙලෙස දරුණු ශීතල කාලගුණයකට මුහුණ දෙන්නේ 1951 වසරෙන් පසුව පළමු වතාවට බවයි.

චීනයේ බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය මේ වන විට සෙල්සියන් අංශක -10ට වඩා අඩුවෙන් පවතින අතර මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජන ජීවිතයට බාධා එල්ල වී පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ වසරේ ජුනි මාසයේ දී බිජිං අගනුවර විසින් මෙතෙක් එම නගරයේ වාර්තා වී ඇති ඉහළතම උෂ්ණත්වය වන සෙල්සියන් අංශක 40 ක් උෂ්ණත්වයක් වාර්තා කරනු ලැබුවා.

මේ අතර අසල්වැසි ජපානය සහ කොරියාවේ ද මෙම ශීතල කාලගුණය අනෙක් වසර වලට සාපේක්ෂව ඉහළ වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.