ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් අද වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙනව.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.
ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබුවා.
එසේම පසුගිය වසර අවසාන වන විට ඩොලරයක වටිනාකම රුපියල් 365ක්ව පැවතියත් මේ වසර අවසාන වන විට එය 11%කින් අඩු කරමින් ඩොලරය රුපියල් 320ට ගෙන ඒමට හැකි වී ඇති තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඍණ ආර්ථික වර්ධනයක් තිබුණ රටක් ලෙස පැවතිය ද වර්තමාන ආණ්ඩුව විසින එය න්ණ ආර්ථික වර්ධනයකට ගෙනවිත් තිබෙන බවයි.

